ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, මේජර් ජනරාල් ශවේන්ද්‍ර
සිල්වා, මේජර් ජනරාල් ජගත් ඩයස්, සිතාසිය නිකුත් කළ නඩුකාරයා ඕට්කෙන්
* ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් පිටුපස සිටින්නේ
නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා යෑයි හෙළිවේ
* නෝර්වේහි එන්.ආර්.කේ. රූපවාහිනිය කොටි
වෙනුවෙන් හඬ නඟයි
* නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා
“ද්‍රවිඩයකු” යෑයි මාලදිවයින ජනාධිපති සිතූ බව කොටි වෙබ් අඩවිය පවසයි
* කොළඹ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු
තවදුරටත් සාවද්‍ය පුවත් විකාශනය කරති
* තොරතුරු දැන ගැනීමේ ක්‍රමවේදය යටතේ මානව
හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන සෙවීම
* රමේශ් ඝාතකයාගේ බිරිය වත්සලා දේවි
දකුණු අප්‍රිකාවට පැන ගියේ කෙසේද?
* චැනල් 4 යළිත් නෝර්වේ සිට කැනඩා පාර්ලිමේන්තුව
දක්වා ව්‍යාප්ත කරයි
“ඝාතකයෝ මානව හිමිකම් ගැන හඬ නඟති”
– ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යානු
ශ්‍රී ලංකා විරෝධී කිසිදු ක්‍රියාමාර්ගයකට සහාය නොදෙන බවට බොට්ස්වානා තානාපති බෲස් පලායි මහතා අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාට ප්රතිඥ දෙමින්. මේ අවස්ථාවට ජිනීවා නිත්‍ය නියෝජිත තමාරා කුමානායගම් මහත්මිය ද සහභාගි විය. ඡායාරූපය – නිහාල් ලියනගේ |
2001 සැප්තැම්බර් 10 වැනිදා ඇමරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් යුද අපරාධ චෝදනාවකට ලක් කරමින් චිලි රාජ්‍යයේ හිටපු හමුදාපති රෙනි ෂිනිදර්ගේ පුත්‍රයන් දෙදෙනා විසින් ඇමරිකානු අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබිණි. සිය පියා ඝාතනය වූයේ කිසිංජර්ගේ නියෝග මත යෑයි ද ඔවුහු සිය පැමිණිල්ලෙන් කියා සිටියහ. එහෙත් ඇමරිකානු කොළම්බියා දිසා අධිකරණය සහ ඇමරිකානු අභියාචනාධිකරණය මේ නඩුව ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ හෙන්රි කිසිංජර්ට තානාපති වරප්‍රසාද තිබෙන බවත් ඔහු ඇමරිකානු වැසියකු නිසා ඇමරිකාවේ ස්වෛරීභාවය මත ඔහුට එරෙහිව ක්‍රියා කළ නොහැකි බවයි. (U.S. Cort dismissed the case based on sovereign and diplomatic immunity)
එසේ වුවත් ඒ ඇමරිකානු අධිකරණයම පසුගිය ඉරිදා එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත පාදිප් කමාරා නමැති අධිකරණ නියෝජිතයා මගින් සිතාසියක් එවනු ලැබීය. මේ සිතාසියට අත්සන් කර තිබුණේ පෝල් ඕට්කේන් නමැති නඩුකාරයායි. නඩුවේ පැමිණිලිකරු වූයේ නැගෙනහිර විශේෂ කොටි හමුදා නායකයාව සිටි බිහිසුණු ඝාතකයකු වූ තුරේරාජසිංහම් දේවි නොහොත් කර්නල් රමේශ්ගේ බිරිය වූ වත්සලා දේවි සහ සීතාරාම් සිවම් යන දෙදෙනායි. මින් රමේශ්ගේ බිරිය තමා සහ දරු තිදෙනා දකුණු අප්‍රිකාවේ පදිංචි බවත් 2009 අප්‍රේල් 28 වැනිදා මඩකලපුවට පැමිණ එතනින් දකුණු අප්‍රිකාවට පැමිණි බවත් සිය පැමිණිල්ලෙන් කියා සිටියාය. එහෙත් ඇය දකුණු අප්‍රිකාවට පැමිණියේ කෙසේද යෑයි හෙළි කර නැත. වත්සලා දේවි හෙවත් රමේශ් ඝාතකයාගේ බිරිය සහ සීතාරාම් සිවම් නමැති අනිත් කොටි ත්‍රස්තයා වෙනුවෙන් නිව්යෝර්ක් දිසා අධිකරණයේදී ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මේ නඩුව පවරනු ලැබුවේ අලි බේඩ්රන් නමැති කොටි හිතවාදී නීතිවේදියායි.
මෙකී නඩුව පැවරීම සඳහා ඇමරිකාවේ වොෂින්ටන් නුවර ඇමරිකන් යුනිවර්සිටි වොෂින්ටන් කොලේ- ඔෆ් ලෝ හෙවත් අන්රෝ (UNROW) නමැති සංවිධානය ඉදිරිපත්වී තිබිණි. මෙම අන්රෝ සංවිධානයේ නීතිවේදී අලි බේඩ්රන් (Ali – beydoun) යනු කොටි ත්රස්තවාදීන්ගේ හිතවතෙකි. ඝාතක ප්රභාකරන්ගේ අතිජාත මිත්‍රයා වූ විශ්වනාදන් රුද්රකුමාරන් විසින් රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති හොර ආණ්ඩුව ආරම්භ කිරීමේ උත්සවයට ද අලි බේඩ්රන් සහභාගි විය. ඔහු එහිදී දේශනයක් ද කළේය.
කොටි හිතවාදී නීතිඥ අලි බේඩ්රන්
අලි බේඩ්රන් නමැති මේ තක්කඩි නීතිවේදියා වත්සලා දේවි වෙනුවෙන් ගොනු කළ නඩුවෙන් ඇමරිකානු අධිකරණය නොමග යවා තිබිණි. එහි මෙසේ දක්වා තිබේ. තුරේරාජසිංහම් දේවි හෙවත් කර්නල් රමේශ් සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයෙකි. (Thurairajasingham Devi was
a member of an Armed group)
2008 සැප්තැම්බර් මස ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ ජනසමූහයාට එරෙහිව බිහිසුණු ව්‍යාපාරයක් අරඹනු ලැබීය. විත්තිකාර ශවේන්ද්‍ර සිල්වා 58 වැනි සේනාංකය මෙහෙය වීය. ඔහු ඇමරිකාවේ, නිව්යෝර්ක් නුවර සහ ජාත්‍යන්තර නීතිරීති උල්ලංඝනය කර ඇත. (Defendant in violation of the laws of united states the
state of New York and international law)
වත්සලා දේවි නමැත්තිය තවදුරටත් සිය පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස සඳහන් කර ඇත්තේ චැනල් 4 රූපවාහිනි සේවාව දරුස්මාන් වාර්තාව, මාරි කොල්වින් නමැති බ්‍රිතාන්‍ය කොටි හිතවාදී මාධ්‍යවේදිනිය ජාත්‍යන්තර රතුකුරුස කමිටුවේ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ ද්‍රවිඩ සන්ධාන හිටපු මන්ත්‍රී චන්ද්රනේරුය. ඇය මෙහිදී “රමේශ්” නමැත්තා කොටි සංවිධානයේ නැගෙනහිර හමුදා නායකයා මෙන්ම තමා කොටි කාන්තා බළකායේ ක්‍රියාකාරිනියක් යෑයි සිය පැමිණිල්ලේ සඳහන් කර නැත.
මේ රමේශ් ත්රස්තවාදියා කවුරුන්ද? නැගෙනහිරදී තිරුක්කෝවිල් කැලෑවට ගෙන ගොස් පොලිස් භටයන් 600 කගේ ඝාතනයට සහ අරන්තලාවේ භික්ෂු සංහාරයට මුල් වූ කොටින්ගෙන් එක් අයෙක් වන්නේ රමේශ්ය. 2002 නොවැම්බර් 17 වැනිදා අම්පාර කන්ජිකුඩිච්චිආරු ක්‍රීඩාංගනයේ පැවැති කොටි කණ්ඩායමක් විසිර යැමේ පෙළපාලිය අමතා රමේශ් මෙලෙස පවසා තිබිණි. “ශ්‍රී ලංකා දේශපාලකයන් නැවත වැරැදි නොකරනු ඇතැයි මා අදහස් කරනවා. රජය යළිත් අපව මර්දනය කිරීමට ආවොත් හමුදා බලය යොදවනවා.”
මෙහිදී සාක්ෂිකාරියක් ලෙස ඉදිරිපත් කර ඇති මාරි කොල්වින් නමැත්තිය කවුද යන්න නිරීක්ෂණය කළ යුතුය. ඇය වසර කීපයකට පෙර මෙරටට පැමිණ වවුනියාවේ සිට හොරෙන් කොටි අඩවියට ගොස් කොටි ත්රස්තයන් සමග සාකච්ඡා කර ආපසු එද්දී හමුදා වෙඩි ප්‍රහාරයට ලක්වී එක් ඇසක් අන්ධ කර ගත්තාය. එදා සිට ඇය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව ක්‍රියා කර ඇත.
මේ නඩුවේ දෙවැනි පැමිණිලිකරු වූ සීතාරාම් සිවම් නිව්යෝර්ක් නුවර පදිංචිකරුවකු වන අතර ඔහුගේ පියා වූ සිතාර් සිවම් පුදුකුඩිඉරිප්පු කොටි අඩවියේ ජීවත් වූ හිටපු තැපැල් ස්ථානාධිපතිවරයෙකි. ෂෙල් වෙඩි ප්‍රහාරයකින් තුවාල ලත් සිය පියාව පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කර සිටි බවත් ශ්‍රී ලංකා හමුදාව එම රෝහලට එල්ල කළ කාලතුවක්කු ප්‍රහාරයෙන් සිතාර් සිවම් ඇතුළු නව දෙනෙක් මියගිය බවත් හෙතෙම සඳහන් කර තිබේ.
එහෙත් එවකට මේ සාවද්‍ය පුවත වාර්තා වූ විගස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා වන්නියේ සිටි ඉන්දීය මාධ්‍යවේදීන් කණ්ඩායමක් පුදුකුඩිඉරිප්පු වෙත ගෙන ගොස් එම රෝහලට කිසිම ප්‍රහාරයක් එල්ලවී නැති බවට පෙන්නුම් කරනු ලැබීය.
මෙලෙස කොටි ඝාතකයකුගේ බිරිය වූ වත්සලා දේවි සහ මෙරටින් ඇමරිකාවට පැන ගිය සීතාරාම් සිවම්ගේ සාවද්‍ය පැමිණිල්ල සම්බන්ධයෙන් සිතාසිය නිකුත් කළ පෝල් ඕට්කේන් නඩුකාරයා සමලිංගික නඩුකාරයකු බවත් ඔහු සමලිංගික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නකු යෑයි ප්රෑන්ක් ෙ-. බ්ලේක්වෙන් නමැති නීතිවේදියා විසින් චෝදනා කර තිබිණි. (Openly – gay judge Paul Oetken headed to New York District Court)
මේ පසුබිම මැද මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව නඩුවක් ගොනු කළ වත්සලා දේවි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ද නඩුවක් ගොනු කළේය.
එවර ඇයගේ පැමිණිල්ල ඉදිරිපත් කළේ ප්රභාකරන්ගේ සියලු ඝාතන අනුමත කළ විශ්වනාදන් රුද්රකුමාරන්ය. රුද්රකුමාරන් යනු මෙරට දෙකඩ කිරීමට උත්සාහ කළ ඇමරිකානු කොටි ඒජන්තවරයායි.
මේ අතර ශ්‍රී ලංකාවේ බලධාරීන්ට ජනපතිට හා ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පැවරුන නඩුවල පසුබිමේ සිටියේ කවුරුන්දැයි අවබෝධ වී නැත. විදේශ කටයුතු අමාත්‍යාංශ බලධාරීන් ද නිහඬව සිටී. කොටි ඝාතක කණ්ඩායම පරාජයවීම නිසා කෝපයට පත්වී සිටන ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය (ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය) මේ නඩු දෙක පසුබිමේ සිටී. ඒ සඳහා ඇන්රෝ හෙවත් ඇමරිකානු විශ්වවිද්‍යාලයීය වොෂින්ටන් විදුහල නමැති සංවිධානය ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සමග මෑතකදී එක් විය. මේ ක්‍රියාදාමය සඳහා තොරතුරු දැන ගැනීමේ පනත නමැති ව්‍යාපෘතිය අරඹා තිබේ. (freedom of information act) එකී තොරතුරු දැන ගැනීමේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම ගැන තොරතුරු සෙවීමටය. (UNROW Recently
joined together with Amnesty International
and has undertake information act (FOIA)
project to serch for potential cases involving
Human right abñes) මේ තත්ත්වය මත ශ්‍රී ලංකාව තුළ ද මේ තොරතුරු දැන ගැනීමේ පනතක් ගෙනඒමට දරන උත්සාහය සහ එහි අනතුර ගැන රජය ඉහත කී සිද්ධියෙන් තේරුම් ගත යුතුව ඇත. ප්රභාකරන් ප්රමුඛ කොටි සංවිධානය පරාජයවීම නිසා කොටි හිතවාදීන් ඇතැම් ද්‍රවිඩ මාධ්‍ය පාර්ශ්ව, රාජ්‍ය නොවන සංවිධාන අවස්ථාව එනතුරු බලා සිටී. මේ අවස්ථාව උදාකර ගැනීම සඳහා මනාව සම්බන්ධීකරණය වූ රහස් සැලැස්මක් දියත් වී ඇත. (Well Cordinated plan) මේ සැලැස්මේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය කොළඹයි. මේ සැලසුම ජිනීවා, ලන්ඩන්, නිව්යෝර්ක්, බර්ලින්, මෙල්බර්න් සහ ටොරොන්ටෝ දක්වා ද ව්‍යාප්ත වී තිබේ. ඒ සඳහා අතිවිශාල මුදල් සම්භාරයක් හුවමාරු වේ. මෙය සනාථ වන්නේ රමේශ්ගේ බිරිය මාස 29 කට පසු දකුණු අප්‍රිකාවේ සිට මතුවී ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී නඩුවක් ගොනු කිරීමයි.
එසේම වන්නියේ පදිංචිව සිටි සීතාරාම් සිවම් එකවරම ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරින් මතුවූයේ කෙසේද? ඔහුට ඇමරිකාවට යැමට වීසා බලපත්‍රය දී ඇත්තේ ඇමරිකානු තානාපති කාර්යාලය නොවේද?
මෙහිදී වත්සලාදේවි වෙනුවෙන් ජනාධිපතිට එරෙහිව නඩුව ගොනු කිරීමට රුද්රකුමාරන් ඉක්මන් වූයේ මන්ද? පසුගිය 18 වැනි ඉරිදා ඇමරිකාවේ හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ නියෝජිතයන් පිරිසක් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී පැවැත්වූ සාකච්ඡාවේදී රුද්රකුමාරන්ට එරෙහිව ක්‍රියා නොකරන්නේ මන්දැයි විමසනු ලැබීය. “කොටි ත්රස්තවාදයට අරමුදල් සපයමින් ක්‍රියා කළ රුද්රකුමාරන් නිරුපද්‍රිතව ඇමරිකාවේ සිටිනවා. නුඹලා ඔහු ගැන ක්‍රියා නොකරන්නේ මන්ද” යෑයි ශවේන්ද්‍ර සිල්වා ප්‍රශ්නයක් නැඟූ විට හියුමන් රයිට්ස් නියෝජිතයන්ට ඊට ප්‍රතිචාර දැක්වීමට නොහැකි විය.
විශ්වනාදන් රුද්රකුමාරන් යනු යුද අපරාධකරුවෙකි.
මෙහිදී ඇමෙනස්ටි ඉන්ටර්නැෂනල් වෙනුවෙන් මෙරට ජනාධිපතිට හා හමුදා ප්රධානියකුට එරෙහිව නඩු පැවරූ අන්රෝ සංවිධානය 2010 සැප්තැම්බර් 23 දා සිටම ශ්‍රී ලංකා රජය යුද අපරාධකරුවකු කිරීමට දැඩි උත්සාහයක් ගෙන ඇතැයි හෙළි විය. (Unrow calls for war crimes Tribunal for Sri
Lankan)
මේ රාජ්‍ය නොවන සංවිධානය පිටු 11 ක වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින් වන්නි මෙහෙයුමේ සිදුවීම් දුටුවාක් මෙන් විවිධ සාවද්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කර තිබිණි.
මෙලෙස ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරීමෙන් පසු අලි බෙඩ්රවන් නමැති කොටි නීතිවේදියා ප්‍රකාශයක් කරමින් “යුද අපරාධකරුවන්ට ඇමරිකාව ආරක්ෂිත ස්ථානයක්වීමට අපි ඉඩ නොතබන්නෙමු”යෑයි පවසා තිබේ.
එසේනම් යුද අපරාධ චෝදනා එල්ලවූ හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්- බුෂ්, හිටපු උප ජනාධිපති ඩික් වෙනි, හිටපු ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්µSල්ඩ් තවදුරටත් ඇමරිකාවේ සිටින්නේ කෙසේද?
මේ හැර ඉරාකයේ ඇමරිකානු තානාපතිනිය ලෙස කටයුතු කළ පැට්‍රිෂියා බුටේනිස්ට එරෙහිව ඉරාකයේ සිවිල් වැසියෙක් නඩුවක් පැවරුවොත් ඒ වෙනුවෙන් අන්රෝ සංවිධානය පෙනී සිටින්නේද?
මේ අතර 2010 වසරේ මැයි මස දිනෙක ඇමනෙස්ටි සංවිධානය පසුබිමේ සිටින්නේ කවුද? යෑයි සනාථ විය. මෙයට කලකට පෙර ජර්මනියේදී ඇමනෙස්ටි සංවිධානය විසින් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වූ සමුළුවකදී මේ තැනැත්තා ගැන හෙළි විය. ඒ මෙරටින් පැනගොස් ස්විට්සර්ලන්තයේ දේශපාලන රැකවරණ පතා ඇති නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්රධානියායි.
මේ හිටපු කැරලිකරුවා දැන් ජිනීවා සිට මෙහෙය වන භූමිකාව හෙළිවී තිබේ. මොහු ජිනීවා මානව හිමිකම් සමුළුවේදී දැක්වූ රංගනය හෙළිදරව්වෙන්ම දැඩි ලෙස කලබලයට පත්වී සිය ෙද්‍රdaහී ක්‍රියාවන් වසන් කරගැනීම සඳහා ව්‍යාජ සංවිධාන මගින් නිවේදන ප්‍රකාශයට පත් කිරීමට ක්‍රියා කළෙළ්ය. ඉන් එක් පාර්ශ්වයක් වන්නේ කැනඩාවේ සිට ක්‍රියාත්මක වන රටින් පිටුවහල් වී සිටින මාධ්‍ය සංවිධාන නමැති ව්‍යාජ සංවිධානයයි.
එම සංවිධානයේ ඔහුද ක්‍රියාකාරියෙකි. මෙය හොරාගේ අම්මාගෙන් පේන බැලීමක් නොවන්නේද? මේ අතර යුරෝපා කොටි වෙබ් අඩවිය සැප්තැම්බර් 28 වැනිදා නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් මේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා “ද්‍රවිඩයකු”යෑයි මාලදිවයින ජනාධිපතිවරයා සිතූ බවයි. මේ සතියේ ආරක්ෂක කරළිය පිළිබඳ විමර්ශනය කරන විට නෝර්වේ මාධ්‍ය යළිත් වරක් කොටි වෙනුවෙන් පෙනී සිටින බව වාර්තා විය. ඒ මේ සතියේ දිනෙක නෝර්වේ කොටි ජාලයේ බලපෑම් මත එන්.ආර්.කේ. 2 රූපවාහිනි සේවාව චැනල් 4 සාවද්‍ය වීඩියෝ පටය විකාශනය කිරීමය. මෙයට නෝර්වේහි ශ්‍රී ලංකා තානාපතිවරයා දැඩි විරෝධය පාන මුත් එකී නෝර්වේ රූපවාහිනි සේවය එම විරෝධතාව ඉවත දැමීය. මේ අතර ජනාධිපතිවරයාට සහ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව පැවරූ නඩුවට සමාන තවත් නඩුවක් ඊයුරෝපියන් සෙන්ටර් 4 කන්සිටිටියුෂනල් ඇන්ඩ් හියුමන් රයිට්ස් නමැති ජර්මානු රාජ්‍ය නොවන සංවිධානය විසින් එරට බ්රිමන් නගරයේ අධිකරණය හමුවේ පවරා තිබිණි. එම නඩුවෙන් ජර්මනියේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් යුද අපරාධකරුවකු කිරීමට උත්සාහ කර ඇත. මේ සාවද්‍ය නඩුවේ සාක්කිකරුවන් වී ඇත්තේ ටැමිල් නෙට් කොටි වෙබ් අඩවිය. චෙන්නායි රූපවාහිනිය, ද නිව්යෝර්ක් පුවත්පතේ ලී ඇන්ඩර්සන්, අයි.සී.සී. නමැති රාජ්‍ය නොවන සංවිධානය, යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමය, සිඩ්නි නුවර මෝනින් හැරල්ඩ් පුවත්පත ඇතුළු තවත් එන්.ජී.ඕ. ක්‍රියාකාරීන්ය. මෙකී නඩුවට පසුබිමේ තවත් සිද්ධියක් වාර්තා විය. ඒ තර්ජනයට ලක්වූවන්ගේ සංවිධානය (JPM) සහ වරප්‍රසාදවලට එරෙහි ස්විස් සංවිධානය නමින් හඳුන්වන ට්‍රයල් සංවිධානය එකතුවී මේජර් ජනරාල් ජගත් ඩයස්ට එරෙහිව ස්විට්සර්ලන්ත නීතිපති වෙත යුද අපරාධ චෝදනා ඇතුළත් පැමිණිල්ලක් යොමු කිරීමයි. මෙකී එන්.ජී.ඕ. සංවිධාන දෙකේම පසුබිමේ සිටියේ ස්විස් කොටි ජාලයයි. එහෙත් ස්විස් නීතිපතිවරයා මේ පැමිණිල්ල ගැන මේජර් ජනරාල් ඩයස්ගෙන් හෝ ශ්‍රී ලංකා රජයෙන් තොරතුරු විමසුවේ නැත. පසුගිය සැප්තැම්බර් 10 වැනිදා ස්විස් නීතිපතිවරයා විසින් මෙකී ස්විස් රාජ්‍ය නොවන සංවිධාන දෙක වෙත පිටු පහක පිළිතුරු වාර්තාවක් එවමින් මේජර් ජනරාල් ජගත් ඩයස් ස්විට්සර්ලන්තය වෙත පැමිණියහොත් විමර්ශනයක් අරඹන බව දන්වා තිබේ.
මෙකී තොරතුරු ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර සිටින නිදහස් මාධ්‍ය ව්‍යාපාරික ජාලයේ හිටපු ප්‍රධානියා ඇතුළු ශ්‍රී ලංකාවට එරෙහි කොටි හිතවාදී මාධ්‍ය පාර්ශ්වයට වාර්තා විය.
මෙම ට්‍රයල් සහ එස්.පී.එම්. නමැති රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානියා වූ පිලිප් ග්‍රාන්ට් සහ ඇන්ජලා මට්ටිලි, ස්විස් කොටි ජාලයේ ප්‍රධානීන් සමග දැඩි සබඳතා පවත්වන බව ජිනීවාහි කොටි විරෝධී ද්‍රවිඩ සංවිධාන ආරංචි මාර්ග හෙළි කළේය. ස්විස් නීතිපතිගේ ප්‍රතිචාරයත් සමගම කොටි වෙබ් අඩවි විසින් යුරෝපයේදී ජගත් ඩයස්ව අත්අඩංගුවට ගැනීමට ඉඩ ඇති බවට තවත් සාවද්‍ය පුවතක් ප්‍රචාරය කරනු ලැබීය.
මේ නිසා අතිශය ප්රමෝදයට පත් මෙරට ඉංගී්රසි පුවත්පතක සේවය කරන එන්.ජී.ඕ. මාධ්‍යවේදියෙක් ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකික එන්.ජී.ඕ. ක්‍රියාකාරීන් අමතමින් සිද්ධිය ඇත්තක්දැයි විමසා තිබේ.
මින් පෙනී යන්නේ කොටි පැරද වූ වන්නි හමුදා නායකත්වයට එරෙහිව මෙරට සිටින “ෙද්‍රdaහීන්” තවදුරටත් ක්‍රියාත්මක වන බව නොවේද?
මේ අතර කැනඩා කොටි ජාලයේ මෙහෙයවීම මත දියත් වූ කැනඩා කුමන්ත්‍රණය තවදුරටත් එක්සත් ජාතීන්ගේ සමුළුව දක්වා ව්‍යාප්ත විය. මෙවර කොටි හඬ නැඟුවේ කැනඩා විදේශ ඇමැති ජෝන් බෙයාද්ය. “දශක කීපයක් දිග සිවිල් යුද්ධය සමයේ සිදු කළ යුද අපරාධ පිළිබඳ විමර්ශන නතර කිරීමට ශ්‍රී ලංකාව උත්සාහ කරනවා”යෑයි ජෝන් බෙයාද් බෙරිහන් දුන්නේය. එහෙත් සැබෑ යථාර්ථය නම් කොටි ත්රස්තවාදීන්ට අරමුදල් මෙන්ම අවි ආයුධ සැපයීමට ද දායක වූයේ කැනඩාවයි. කැනඩා රහස් පොලිසිය විසින් සොයාගත් වාර්තාවලට අනුව සෑම මසකම ඩොලර් මිලියන දෙකක් කොටින්ට සැපයුනි. එසේ නම් කොටි ත්රස්තවාදයට උදව් කිරීම නිසා සිදුවූ යුද අපරාධ සම්බන්ධ කැනඩාවේ හිටපු දේශපාලකයන් මෙන්ම වත්මන් රජය ද වගකිවයුතු වේ. එසේම ජෝන් බෙයාද් ද යුද අපරාධකරුවකු නොවන්නේද? මෙවන් පසුබිමක් යටතේ ටොරොන්ටෝ නගරයේ සිට ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණි කැනඩා නියෝජිත කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එම සමුළුව වෙත ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ යෝජනාව ස්විස් කොටි ජාලයට ලබාදී තිබූ බව හෙළි විය. මේ රහසිගත යෝජනාව ස්විස් කොටි වෙබ් අඩවිය විසින් මුලින්ම අනාවරණය කෙරුණේ නිල ලියවිල්ලක් සමගය.
මෙලෙස කැනඩා කොටි අවශ්‍යතාව මත ශ්‍රී ලංකාවට එරෙහි කැනඩා යෝජනාව නමැති කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන අවස්ථාවේ චීනය, රුසියාව, පකිස්තානය, කියුබාව, මැලේසියාව සහ ඇල්ජීරියාව යන රවල් තරයේ විරෝධය පළ කර ඇත.
අනතුරුව කැනඩා නියෝජිතයෝ බොට්ස්වානා, සිම්බාබ්වේ ඇතුළු තවත් අප්‍රිකානු රටවල් කීපයක තානාපතිවරු හමුවී සහාය ඉල්ලා සිටියහ. එහෙත් සහාය දීම ප්‍රතික්ෂේප විය. මේ තොරතුරු හෙළිවෙත්ම කැනඩා විදේශ ඇමැති ජෝන් බෙසාද් කෝපයට පත්වී එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති අවතක්සේරු කරන්නන් බරපතළ සතුරන් යෑයි එක්සත් ජාතීන්ගේ සමුළුව අමතා කියා සිටියේය. මේ අතර මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව කොටි ඝාතක බිරිය වූ වත්සලා දේවි පැවරූ නඩුව ගැන තමාට කරුණු දැක්වීමට නොහැකි යෑයි ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා වික්ටෝරියා නුලන්ඩ් පවසා ඇත.
එසේනම් කොටි ඝාතකයන් සම්බන්ධ නඩු ගැන ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් රොබට් බ්ලේක් කරුණු දක්වන්නේ කෙසේද? මේ පසුබිම මැද ජිනීවා මානව හිමිකම් සමුළුවට කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනිදා වූ වී. කිරුබාහරන් සමග සහභාගි වූ 1971 කැරලිකරුවා වූ රංජි මල්ලි මාලදිවයින ජනාධිපත නෂිද් සමග ඇති කරගත් වාදය මෙරට මාධ්‍යවල පලවීම නිසා තමාට මරණ තර්ජන එල්ලවී ඇති බව කියමින් විවිධ විදෙස් රාජ්‍ය නොවන සංවිධාන වෙත හදිසි සංදේශ යවා ඇත. ඒ තමන්ට යළිත් වරක් අරමුදල් ලබාගැනීමේ අරමුණෙනි. මේ හදිසි නිවේදන සමග ප්‍රොඩක්ෂන් ඔප් හියුමන් රයිට්ස් ඩිපෙන්ඩර්ස් සංවිධානය “රංජි මල්ලිව මරන්න යනවෝ… බේරි ගනිල්ලා” යෑයි ඝෝෂා කර ඇත. එහෙත් රජය මොහුගේ විදෙස් ක්‍රියාකාරකම් විමර්ශනය කළ යුතුය.
Leave a comment