වෙල්ලන්කුලම මන්නාරම දිස්ති‍්‍රක්කයේ අවසන් කොටි බළකොටුවයි. පාලි ආරු ගංගාවේ ස්වභාවික රැකවරණය ලැබ තිබෙන මේ නගරය වටා කොටි කිලෝමීටර 3ක් දිගට පස් කඳු යොදා විශාල බංකර් බැඳ තිබුණේ ආරක්ෂක හමුදාවන් ගේ ඉදිරි ගමන වළක්වන්නටය. එහෙත් එය කළ නොහැකි විය.
පසුගිය 2 දා වන විට 58 වන සේනාංකයේ භට පිරිස් කුඩා කණ්ඩායම්වලට බෙදී නැඟෙනහිරින් හා උතුරින් වෙල්ලන්කුලම් නගරය වටකොට සිටියහ. දකුණින් කිලෝමීටර 1/2ක පමණ ප්‍රදේශය විවෘත තැනිතලා භූමියක ඒ ප්‍රදේශයෙන් නගරයට යාම කෙලින්ම කොටි සාමාජිකයන්ගේ අවිවලට ඉලක්ක වීමකි. විවෘත භූමිය මඟහැර නගරයට කිට්ටු කරනවිට නගරය ඇතුළත කොටි සාමාජිකයන් පණහක් පමණ කොටුවී ඇති බව යුද හමුදා බුද්ධි අංශ සනාථ කළහ. තමන්ට ආධාර පිණිස තවත් භට පිරිස් එවන ලෙස නගරය ඇතුළත කොටුවී සිටි කොටි සාමාජිකයෝ සිය නායකත්වයෙන් ඉල්ලා සිටියහ.
උතුරින් හා නැඟෙනහිරින් වෙල්ලන්කුලම කොටි බළකොටුව වෙත මල්ටි බැරල් ප්‍රහාර එල්ල කරමින් හමුදා සේනාංක ඉදිරියටම ගියහ. බටහිර වෙරළ දෙසට විවෘතව ඇති පෙදෙසින් කොටි පැනයන බව හමුදාව හොඳින්ම දැන සිටියහ. එනිසා වයඹ දිග වෙරළ දිගේ නාවුක හමුදා අධිවේගී ප්‍රහාරක යාත්‍රා සූදානම්ව තිබිණ.
2දා උදෑසන 9.30 වනවිට ආරක්ෂක හමුදා නැඟෙනහිර දෙසින් නගරයට ඇතුළු වූයේ වෙල්ලන්කුලමට උතුරින් මාර්ගයට රැකවල් යොදා ගනිමිනි. නැෙඟනහිරින් ගොස් උතුරින්ද තවත් භට පිරිසක් නගරයට ඇතුළු විය. මේ වනවිට නගරයේ කොටුවී සිටි කොටි සාමාජිකයින් පලායාමට උත්සාහ කරමින් සිටි බව හමුදාවට වැටහිණි. ආරක්ෂක හමුදා ඔවුන්ට මල්ටි බැරල් ප්‍රහාර එල්ල කළහ. පිරිසක් ඇතුළේම මිය ගිය අතර තවත් කොටි ටික දෙනෙක් බටහිර දෙසින් වෙරළට විත් අධිවේගී ඩිංගි බෝට්ටුවල නැඟී පලාගියහ. සූදානමින් සිටි නාවික හමුදා අධිවේගී ප්‍රහාරක යාත්‍රා ඔවුන් හඹා ගියහ. ඔවුන් පලාගියේ ඉරණතිවු දූපතටයි. එහිදී නාවික හමුදාව අතින් එක් කොටි බෝට්ටුවක් මුළුමනින්ම විනාශ විය.
ඉරණතිවු දූපතේ තිබුණේ තාවකාලික කොටි කඳවුරකි. එහි වෛද්‍ය මධ්‍යස්ථානයක් ද විය. වෛද්‍ය උපකරණ ඇතුළු බඩු බාහිරාදිය සමඟ ඉරණතිවු දූපත නාවික හමුදාව යටතට පත්විය.
වෙල්ලන්කුලම අල්ලාගත් ආරක්ෂක හමුදා 2 දා සවස වනවිට එහි බලය තහවුරු කරගත්හ. එම ප්‍රහාරයේදී කොටි 40ක් පමණ මියගිය බව හමුදාව සනාථ කරයි.
වෙල්ලන්කුලමට ඇතුළුවන පාලම තැනින් තැන යකඩ තහඩු ගලවා දමා තිබිණ. ඔවුන්ට මුළු පාලමම ගලවා දමන්නට කාලය මදිවන්නට ඇත.
වෙල්ලන්කුලම අල්ලාගත් පසු ආරක්ෂක හමුදා කිලිනොච්චි දිස්ති‍්‍රක්කයට පා තැබූහ. ශ්‍රී ලංකා යුද හමුදාව කිලිනොච්චිය දිස්ති‍්‍රක්කයට පාතැබුවේ වසර 8කට පසුවය. එහෙත් නිල නොවන වශයෙන් කාටත් හොරා යුද හමුදාවේ දිග දුර විහිදුම් බළකායේ සෙබළු කිලිනොච්චියට පා තබා තිබිණි. මේ සටන සඳහා කොටි කොතරම් දක්ෂ සටන්කරුවන් යෙදූවද ශ්‍රී ලංකා යුද හමුදාවේ උපක්‍රමශීලී ආක්‍රමණය හමුවේ ඔවුන්ට පරාජය වී පැනයන්නට සිදුවූයේ මිය ගිය තම සගයන්ගේ සිරුරු ද අත්හැර දමමිනි.
කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ තිබූ අලිමංකඩ යුද කඳවුර 2000 අප්‍රියෙල් මස බිඳවැටීමෙන් පසු මෙවර කිලිනොච්චියට ආරක්ෂක හමුදා පය තැබුවේ ආපසු හැරීයන්නට නොවේ. මේ වනවිට වෙල්ලන්කුලම සිට තවත් කි.මී.6ක් ඉදිරියට උතුරු දෙසට ආ 58 වන සේනාංකය එහි සටන් මෙහෙයවමින් කිලිනොච්චි දෙසට ගමන් කරයි. 57 වන සේනාංකයේ කොටසක් ද ඊට සමාන්තරව වෙල්ලන්කුලමට නැඟෙනහිර දෙසින් ඉදිරියට යයි.
මෙසේ 58 වන සේනාංකය ඉදිරියට යද්දී යුද හමුදාවේ ඉංජිනේරු බළකාය හමුදාව විසින් අල්ලාගත් ප්‍රදේශ ප්‍රතිසංස්කරණය කරමින් සිටි වෙල්ලන්කුලම පාලමේ ගැලවූ තහඩු කොටස ඊට උතුරින් කැළෑවක සඟවා තිබී සොයාගනු ලැබිණ. ඉංජිනේරු බළකාය මේ වනවිටද ඒවා යළිත් පාලමට සවිකර අවසානය. සෝදිසි මෙහෙයුම් වලදී අත්හැර දමා ගිය කොටි බෝට්ටු 30 ක්ද හමුදාවට හමුවී ඇත.
වෙල්ලන්කුලම තේවන්පිඩ්ඩි ප්‍රදේශයද හමුදාව යටතට පත්වී ඇති අතර එහි පාසල්වල වහල පවා කොටි ගලවාගෙන ගොසිනි. රජය විසින් ඒ ප්‍රදේශවල පාසල් දරුවන්ගේ අධ්‍යාපනය සඳහා එවා ඇති රුපියල් කෝටි ගණනක් වටිනා පොත් නිකරුණේ නාස්ති වී යන්නට ඉඩ හැර තිබීම කනගාටුවට කරුණකි. පාසල්වල පැවරුම් වශයෙන් දී ඇත්තේ ප්රභාකරන් පිළිබඳ පාඩම්ය.
රජය විසින් දරුවන්ගේ අධ්‍යාපනයට දෙන ලද පොත් විනාශ කිරීමත්, අහිංසක පුරවැසියන්ට දෙන ලද සම්පත් කොල්ලකෑමත් ඊනියා දෙමළ සන්ධානයේ මන්තී‍්‍රවරුන්ට හෝ රාජ්‍ය නොවන මානව විමුක්තිකාමීන්ට ;නාපෙනෙන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ යුතුය.
වෙල්ලන්කුලම අල්ලාගෙන මේ වනවිට කි.මී.6 ක් ඉදිරියේ සටන් මෙහෙයවන 58 වන හා 57 වන සේනාංකවල ඊළඟ ඉලක්කය වෙල්ලන්කුලම් හි සිට කි.මී.12 උතුරින් ඇති පල්ලවරායන්කඩ්ඩු නගරයයි.
වවුනියාව දෙසින් ඉදිරියට එන 57 වන සේනාංකයේ තවත් බළමුළුවක් මේ වනවිට තුනුක්කායි හා මල්ලාවි ප්‍රදේශයට කි.මී.3ක් ළංව සිටී. මේ ප්‍රදේශය හමුදාවට අත්කර නොදීමට කොටි දරුණු සටන්වල යෙදී සිටිති. මේ සටන් පවතින්නේ නුවර – යාපනය ඒ 9 මාර්ගයට බටහිර දෙසිනි.
යුද හමුදාවන්ගේ ඉලක්කය සපුරා ගැනීමට නොනැවතී ඉදිරියට යද්දී කොටි සංවිධානය ද සිය සිහින රාජ්‍යය හමුදාවෙන් බේරාගැනීමට දැඩි උත්සාහයක යෙදෙන බැවින් ඉදිරි කාලයේ ද මෙහි සටන් ඉතා දරුණු විය හැක. යුද හමුදාවද මෙය හොඳින්ම දනී.
ඇත්තටම ති‍්‍රවිධ හමුදාවේ මනා හික්මීම හා කැපවීම මෙන්ම සේනාධිනායකත්වයේ ස්ථිර අධිෂ්ඨානය හා අව්‍යාජ බව නොවේ නම් ආරක්ෂක හමුදාවන්ට වසර දෙකක් ඇතුළත මෙවන් ගමනක් ඒමට නොහැකිවනු ඇත. කෙසේ වෙතත් ඉන්දියා දූත පිරිස් ශ්‍රී ලංකාවට පැමිණීම නිසා පසුගිය දිනවල බොහෝ විවේචකයන් නානා මත පළකරනු ඇසිය හැකිවිය. ඉන් එක් මතයක් වූයේ ඉන්දියා බලපෑම මත ශ්‍රී ලංකා යුද හමුදාව ඉලුප්පුකඩවායි අත්පත් කරගත් පසු ඉන් ඉදිරියට නොයනු ඇතැයි යන්නය. ඒත් දැනටමත් ආරක්ෂක හමුදා ඉන් එහාට කිලෝ මීටර ගණනාවක්ම කොටි බළකොටු බිඳ ඉදිරියට ගොස් සිටී.
විරුද්ධවාදීන් මෙවන් මත ප්‍රකාශ කරන්නේ වීරෝදාර රණවිරුවන්ගේ චිත්තධෛර්ය සමඟ සෙල්ලම් කිරීමටය. කෙසේ වෙතත් සතුරා මුළුමනින්ම පරාජය කරන තුරු සතුරා අවි බිම තබන තුරු සටන අත්නොහරින බව දැනටමත් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා මෙන්ම යුදහමුදාපතිවරයා ද අවධාරණය කොට තිබීම සෙබළුන්ගේ චිත්ත ධෛර්යය දෙගුණ තෙගුණ කිරීමට හේතුවකි.
මේ අතර වැලිඔය සටන් පෙරමුණ ද දැන් බොහෝ ඉදිරියට පියවර තබා ඇති බව දැකිය හැක. එය ඒ 9 මාර්ගයේ නැෙඟනහිර දෙස සිට නැඟෙනහිර මුහුදු තීරය දක්වා දිගු සටන් පෙරමුණකි.
මැයි 30 දා මූනගම් බේස් කඳවුර අල්ලාගෙන මුලතිව් වනාන්තරයට පිවිසි 59 වන සේනාංකය මයිකල් බේස් සුගන්ධන් බේස් සිය පාලනයට ගෙන මේ වනවිට නීතිකායිකුලම් කඳවුරට උතුරින් සටන් කරමින් සිටී.
වැලිඔය බටහිර දෙසට සටන් මෙහෙයවන්නට යුද හමුදාව තවත් සේනාංකයක් බටහිර ඕමන්තේ සිට පදවිය දක්වා යෙදවීය. ඒ 50 වන සේනාංකයයි. එය ආරක්ෂක පෙරමුණක් ලෙස ඒ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කරගෙන සිටී. යාපනය දෙසින් ද තවත් ආරක්ෂක හමුදා සේනාංකයක් දකුණු දෙසට එන්නේ ප්රභාකරන්ගේ සිහින රාති‍්‍රය තව තවත් කුඩා කරවමිනි. ඒ යාපනය අර්ධද්වීපයේ බෝතල්කට නමින් හඳුන්වන කිලාලි මුහමලේ හා නාගර්කෝවිල් දෙසිනි. මෙසේ යුදහමුදාව රට ඇතුළත ප්රභාකරන්ගේ හදවත සොයා කිලිනොච්චි බලා සෙමින් සෙමෙන් පා නගන අතර ගුවන් හමුදාව ඉහළින් කොටි මර්මස්ථාන සොය සොයා බෝම්බ හෙළයි. ඉරණතිව් ප්‍රදේශයේ කළු කොටි කඳවුරකට බෝම්බ හෙළු ගුවන් හමුදා ප්‍රහාරක යානා එහි සිටි කළු කොටි විශාල සංඛ්‍යාවක් මරණයට පත් කළේ ය. කොටි සංවිධානය විසින් ඔවුන් ගේ ලෙප්ටිනන් කර්නල් ධූරයක් පිරිනැමූ කළු කොටි නායක ‘සුර්යන්’ ඇතුළු නායකයන් තිදෙනෙකු මිය ගිය බවට කොටි ගුවන් විදුලි සංඥා තහවුරු කළේ ය. නයාරු මුහුදේ තිබූ කොටි බෝට්ටුවක් ද ගුවන් ප්‍රහාරවලින් විනාශ වූ අතර ගොඩබිම ට්රැක්ටරයකින් ඇදගෙන ගිය බෝට්ටු දෙකකට ද ගුවන් ප්‍රහාර එල්ල විය.
මේ සියල්ල මෙසේ සිදුවෙද්දී නාවික හමුදාවල රට වටා කොටින්ට වැට බැඳ සිටි සටන් පවතින මන්නාරම සිට උතුරු දිග මුහුදු තීරයත් නැඟෙනහිර වෙරළ තීරයත් පමණක් නොව මුළු ලංකාව වටා අවට මහ මුහුදේ නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා හා මුර යාත්‍රා දවසේ පැය 24 ම සේවයේ යෙදීම කොටි කි‍්‍රයාකාරකම් වලට බාධාවකි.
මේ දරුණු සටන් නිසා හමුදාවට බාරවන ත්රස්තවාදීන් ගේ පිරිස් ද වැඩි වී ඇති බව පෙනේ. පසුගියදා ත්රස්තවාදීන් 27 දෙනෙකු එසේ ඛ්මුදාවට බාර වී ඇත.
එමෙන් ම වන්නියේ මුදාගත් ප්‍රදේශවලට මුදා නොගත් ප්‍රදේශවල සිට පැමිණෙන සිවිල් වැසියන් ගේ ගණන ද වැඩි වී තිබේ. ජනවාරි 1 දා සිට මේ දක්වා එසේ 684 දෙනෙක් හමුදාවට බාර වී ඇත. පසුගිය මාසයේ පමණක් බාරවූ පිරිස 161 දෙනෙකි.
පසුගිය මාසයේ හමුදාවට හමු වූ කොටි මළ සිරුරු 100 න් 60 රතු කුරුස හමුවට බාර දී තිබේ. පසුගිය අප්‍රියෙල් 25 වෙනිදා ත්‍රස්ත ග්රහණයෙන් මුදාගත් මඩු දේවස්ථානය යුද හමුදාව මගින් පිළිසකර කොට පසුගිය බදාදා උදැසන එහි නේවාසික පරිපාලක වශයෙන් කටයුතු කරන එමිලියස් පිල්ලෙයි පියතුමාට බාර දුන්නේ ය. ඔහු තවත් පූජකවරුන් හත් දෙනෙකුත් සේවකයින් දෙදෙනෙකුත් සමඟ එහි ගොස් කටයුතු බාර ගත්තේ ය.
එහි පරිපාලනය දැන් මුළුමනින් ම මඩු පරිපාලක මණ්ඩලය සතු ය. මඩු උත්සවය මෙවර පැවැත්වීමේ කටයුතු හා සියලු වගකීම් දැන් එතුමන්ලා ගේ කැමැත්ත පරිදි සිදුවෙයි. රජය හෝ හමුදාව කිසිඳු ඇඟිලි ගැසීමක් ඊට නොකරන බව රජය ප්‍රකාශ කරයි.
හමුදාවෙන් රුපියල් මිලියන 1.5 ඒ සඳහා වියදම් කළ අතර මේ වනවිට මඩු ප්‍රදේශය වටා කිලෝමීටරයක ප්‍රදේශය බිම් බෝම්බ මර උගුල් සියල්ල ඉවත්කොට වන්දනාකරුවන්ට උචිත ලෙස සකස් කොට තිබේ.
එහෙත් මඩු ප්‍රදේශයේ තවම වන්දනාකරුවන්ට උචිත අයුරින් සකස් වී නැති බැවින් මෙවර මඩු උත්සවය නොපවත්වන බව අගරදගුරු රායප්පු ජෝසප් පියතුමා පවසා තිබේ.
සාර්ක් සමුළුව පැවැත්වීමට පෙර ද ඊට එරෙහිව බොහෝ විපක්ෂ දේශපාලකයෝ නොයෙක් විවේචන පළ කළහ. ඉන්දියා අගමැතිවරයා නොඑන්නේ යැයි කීහ. එහෙත් සාර්ක් සමුළුව සාර්ථක ලෙස නිමා විය.
එපමණක් ද නොව සාර්ක් කලාපයට ඇති විශාලම තර්ජනය ත්‍රස්තවාදය යැයි යෝජනාවක් ද සම්මත කර ගෙන ඊට එරෙහිව නැගී සිටීමට සම්මුතියක් ද ඇති කර ගත්තේ ය.
එම යෝජනාවට පක්ෂව තදින් කතා කළේ කලාපයේ බලවතා වන ඉන්දියා අගමැති වරයා ය.
මෙය ද ප්රභාකරන්ට හා ඔහුගේ ත්රස්තවාදයට ඉදිරියේ දී දැඩි ලෙස පසුබාන්නට සිදුවන බවට පෙර නිමිත්තකි.
මේ වනවිට ප්රභාකරන් සිය පණ බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදී සිටී.
මේ වනවිට කිලිනොච්චිය රෝහල ද සිවිල් වැසියන්ට තහනම් කොට ඇති බවට ආරංචි පළ වී තිබේ. කෙසේ වෙතත් දැන් සටනේ විශාල ප්‍රමාණයක් අවසන් ය. ඇත්තේ තව ටිකකි. එහෙත් ඒ ටික ඉතා දුෂ්කරය. ඒ දුෂ්කර කඳු මුදුණට නැඟීමට ආරක්ෂක හමුදාවන්ට ධෛර්ය දෙමින් කොටියාගේ උම්මත්තක කි‍්‍රයාවලින් රැක ගැනීම සඳහා දකුණේ මහජනයා පෙර මෙන් ම විමසිල්ලෙන් ඉවසිල්ලෙන් කටයුතු කිරීම අවශ්‍යම දෙයකි.
(සිළුමිණ)