LTTE Bunker Complex in Andankulam destroyed
July 11, 2008 by lrrp
Posted in LTTE Bunker Complex in Andankulam destroyed | Tagged LTTE | Leave a Comment
Calendar
The Eelam bubble
The Tamil diaspora still talk of winning the "Eelam" war, of seeing "the light at the end of the tunnel of a mythical Tamil state" , even as six elite army divisions strategically lay siege to the Wanni heartland. As it is there is a light, that of a fast-approaching express train that would steam roll the "Eealm" myth to the sun baked Wanni floor forever.Sri lanka Unrest
Archives
-
Recent Posts
Quote
"someones got to do the things no one else wants to do and sometimes,those who make that choice will pay the ultimate price for it".(Johnny "Mike" Spann)Top Posts
Pages
උතුර නැගෙනහිර ඉඩම් ප්රශ්නය…
"හත්වලාම සහ තේස වලාම...... ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙහි ඉඩම් නීතියක් නැත. "තේසවලාමේ" නමැති මේ නීතියට අනුව උතුරෙහි ඉඩම් එම පළාතෙන් පිටත සිට එන සිංහලයන්ට හෝ මුස්ලිම්වරුන්ට විකුණනු නොලැබේ. එහෙත් යාපනේ සිට එන දෙමළ ජනයාට ලංකාවේ ඕනෑම තැනකින් ඉඩම් මිලට ගත හැකිය. යාපනේ ජනයාට අයත් ඉඩම් බම්බලපිටියෙන් පටන්ගත් විට දෙහිවල දක්වා බොහෝ තැන්වල ඇත. තේසවලාමක් කොළඹ නැති නිසා ඔවුන්ට එසේ ඉඩම් අත්පත් කර ගැනීමේ හැකියාවක් ඇත.
ඉඩම් යනු ඉතාම සංවේදී මාතෘකාවකි. කිසිම කෙනකු මැරෙන විට ඉඩම් ගෙන යන්නේ නැත. එහෙත් ජීවත්ව සිටින කාලය තුළ පැළ ඉන්නක් එහා මෙහා වුවද මිනී මරාගන්නට මිනිසුන් සූදානම්ය. අවුරුදු 10, 15, 20 වැනි දීර්ඝ කාලවකවානු තුළ ඇදී යමින් පවතින ඉඩම් නඩු මේ රටේ තිබේ. සීයාගෙන් පටන් ගන්නා සමහර නඩු ඉවර වන්නේ මී මුණුබුරාගෙනි. මිනිසා භූමිය සමඟ බද්ධවීම අතීතයේ සිට එන්නකි. මිනිසා නව ශිෂ්ටාචාර කතාන්තරයේ මුලින්ම අයිතියක් කියූ භෞතික වස්තුව ඉඩම් ය. තමන්ට අවශ්‍ය භූමි ප්‍රමාණය වෙන් කරගත් මිනිසා වැට මායිම් ගසා එය වෙන් කරගෙන වගා කළේය පදිංචි විය. පරම්පරා කිහිපයක් යන විට මේ ඉඩම් "අපේ උරුම ඉඩම්" ලෙස සැලකීමට මිනිසා පුරුදු විය. සාම්ප්‍රදායික සිංහල මිනිහා හෝ දෙමළ මිනිහා තම උරුම ඉඩමක් අත්හැර දමා යන්නේ ඇඟෙන් ඇටයක් ගියා හා සමානව සිතමිනි. මිනිසුන් ඉඩම් කෙරෙහි ඇති ලෝභය කොපමණද යත් සමහර මිනිසකු මියගිය විට පෙරේතයකු ලෙස පහළ වී ඉඩමේ හතර කොන සුරකින බව කියති.
උතුර නැගෙනහිර ඉඩම් ප්‍රශ්නයට රජයේ මැදිහත්වීමක් අත්‍යවශ්‍ය ය. ආණ්ඩුව තම නිලධාරීන් යොදවා එම පළාත්වල ඉඩම්වල අයිතිය නියම අයිතිකරුවන්ට තහවුරු කර දිය යුතුය. නියම අයිතිකරුවා යනු සිංහලයාට පමණක් යෑයි අප කියන්නේ නැත. ඒ අයිතිය එක්කෝ දෙමළ ජනයාට හිමිවන්නට පුළුවන. නැතහොත් මුස්ලිම් ජනයාට හිමිවන්නට පුළුවන. වැදගත් වන්නේ කෙනකුගේ අයිතිය තව කෙනකු විසින් බලහත්කාරයෙන් පවරා ගැනීම වැළැක්වීමය. මේ රටේ ජනයා ඉතිහාසයේ පටන්ම තම උරුමය වෙනුවෙන් ලේ හළා තිබේ. එසේ හැළුණු ලේ ප්‍රමාණය ඕනෑවටත් වඩා වැඩිය. සිංහල ලෙයින් යාපනේ ඉඩම් තෙත් වීමට ඉඩ දිය යුතු නැත. නැවත වරක් යෑයි අප කීවේ කොටි සංවිධානය ක්‍රියාත්මකව සිටි කාලයේ ද මේ ඉඩම් අයිතිය අර්බුදයක්ව තිබූ නිසාය.
ඉපදෙන විට කිසිම කෙනෙක් ඉඩම් ඔප්පුවක් අතින් ගෙන එන්නේ නැත. ඔහු හෝ ඇය වියපත් වුණ පසු ඉඩමක් මිලට ගනී, නැත්නම් පරවේණියෙන් තමාට ලැබෙන ඉඩමක් භුක්ති විඳී. යුද්ධය පැවැති කාලයේදී උතුර නැගෙනහිර පළාත්වල පදිංචිව සිටි සිංහලයන්ට හා මුස්ලිම් මිනිසුන්ට එම ඉඩම් භුක්ති විඳීමට කොටි ත්රස්තවාදීන් ඉඩ දුන්නේ නැත. මායිම් ගම්මාන යනුවෙන් කාලපනික සීමාවක් හදාගත් ඔවුහු ඒ සීමාව තුළ තිබූ ගම්මානවලට පැන පවුල් තිහ හතළිහක් කඩුගා දැමූහ. එවිට ගමේ සිටින සෙසු පිරිස ගම අතහැර පලා ගියහ. මේ නිසා ඒ ඉඩම් ටික නිකම්ම කොටින්ගේ පාලනයට නතු විය. නොසෙල්වෙන දේශපාලන නායකත්වය සහ වීරෝදාර රණවිරුවන් කොටි සංවිධානය අතුගා දමා ඒ ඉඩම් නිදහස් කර ගත්තේය.
යුද්ධය නිමවී දෑවුරුද්දක් ගතවී ඇති මේ මොහොතේදී පෙර කී ඉඩම්වල අයිතිකරුවෝ නැවත වරක් ඒවායේ පදිංචි වීමට පැමිණෙමින් සිටිති. එහෙත් දෙමළ දේශපාලනඥයන් පිරිසක් එසේ පදිංචිවීම වළක්වමින් සිටින බව දැනගන්නට තිබේ. විශේෂයෙන් නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල ප්‍රදේශයේ කොටි බලයට යටත්ව තිබූ ඉඩම්වල පදිංචි වීමට සිංහලයන්ට ඉඩ දෙන්නේම නැත. මේ දෙමළ දේශපාලනඥයන්ගේ අරමුණ නැවත වරක් රට ලේ විලක් කරා ගෙන යැමය. "
Sri Lanka Guardian
Smell Of Victory
Smell that? Napalm, son. Nothing in the world smells like that.I love the smell of napalm in the morning.One time we had a hill bombed, for 12 hours. When it was all over, I walked up. We didn't find one of 'em, not one enemy body. The smell, you know that gasoline smell, the whole hill. Smelled like... victory. Someday this war's gonna end. Apocalypse Now(1979)Add This
Leave a Reply