ප්රහාරක හෙලිකොප්ටර්- නාවික යාත්රා සහ හමුදා කඳවුරුවලට ප්රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් කොටි හමුදා ඒකක හිටපු ප්රධානීන් හයදෙනකු ඇතුලු කොටි සාමාජිකයන් 811 කට නඩු පැවරීමට රජය තීරණය කර ඇත. මොවුන් වෙත අදාළ චෝදනා දැනටමත් සකස් කර තිබේ. කිළිනොච්චිය, වෙල්ලමුල්ලිවයික්කාල්, මුලතිව් යන ප්රදේශවල කොටි හමුදා ඒකකවල සේවය කළ මෙම ප්රධානීන් හයදෙනා බුද්ධි නිලධාරීන් විසින් හඳුනාගෙන ඇත.
මෙම කොටි සාමාජිකයන් අහිංසක වැසියන් බවත් ඔවුන් තම සහන සේවා ආයතනවල සේවය කළ පිරිස යෑයි දක්වමින් මෙම පිරිස් බේරා ගැනීමට විදෙස් රාජ්ය නොවන සංවිධාන කිහිපයක් ද උත්සාහ දරා තිබිණි.
මෙලෙස අත්අඩංගුවේ පසුවන කොටි අතර බෝම්බ තබා පුද්ගලයන් ඝාතනය කළ අය සහ ක්ලේමෝ බෝම්බ ඇටවූ පිරිස් ද සිටිති.



